Tuesday, July 8, 2014

ඇල්ගොරිතමයක් යනු කුමක්දැයි හදුනාගනිමු.

අද වන විට පරිගණකය අපිට නැතුවම බැරි උපාංගයක් බවට පත්වෙලා තියෙනවා.ඒකට හේතුව තමයි එදිනෙදා ඇතිවන බොහෝ ගැටලුවලට පරිගණකය තුල විසදුම් තිබීම.

පරිගණකය කියන්නේ විද්‍යුත් උපාංගයක්.ඒ නිසා තාමත් කිසිම දෙයක් හිතලා මතලා කරන්න පුළුවන් කමක් එයට නැහැ.ඒ නිසා අපි එයට උපදෙස් මාලාවක් ලබාදෙන්න ඕන.

උදාහරණයක් වශයෙන් සෘජුකෝණාස්‍රයක වර්ගඵලය ලබාගැනීම පිළිබද සිතමු.ඒ සදහා පහත පියවරයන් අනුගමනය කරන්න පුළුවන්.



  • සෘජුකෝණාස්‍ර යේ  දිග ලබාගැනීම.                   
  • සෘජුකෝණාස්‍රය‍ේ පළල ලබාගැනීම.
  •  දිග පළලින් ගුණ කිරීම.
  • වර්ගඵලය ප්‍රකාශ කිරීම.
දැන් ඔබට යම් ඉගියක් ලැබෙන්නට ඇති,ඇල්ගොරිතම පිළිබදව අපි බලමු.ඇත්තටම ඇල්ගොරිතමයක් කියන්නෙ මොකක්ද කියලා.

යම් ගැටලුවක් විසදීම සදහා අනුගමනය කළ යුතු පියවර සියල්ල අනුපිළිවලින් දැක්වූ ක්‍රමවේදයක් ඇල්ගොරිතමයක් ලෙස අර්ථ දක්වයි.




අපි හිතනවා "ඇල්ගොරිතමයක් කියන්නෙ මොකක්ද?"කියන ප්‍රශ්නෙට යම්කිසි පිළිතුරක් ඔබට ලැබෙන්නට ඇති කියලා.

Monday, June 30, 2014

පයිතන් සිංහලෙන් සරලව ඉගෙනගනිමු

 උසස්පෙල සිසුන් සදහා පයිතන් පාඩම් මාලාවක් ඉදිරිපත් කිරීම අපගේ අරමුණ වේ.මෙහිදී සියලුම පාඩම් මුලසිට සරලව ඉදිරිපත් කිරීම සිදුකරයි.